සුල්තානාගොඩ ගමේ අද "පාසල් ගොඩනැගිල්ල" නමින් හැදින්වෙන ඉඩමේ 1934 දී ළමයින් 17 දෙනෙකුගෙන් ආරම්භ වී ඇත. මෙහි ප්‍රථම විදුහල්පතිවරයා වී ඇත්තේ මාතර ගොඩගම ඩයස් නැමැති මහත්මයෙකි. ක්‍රමයෙන් ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි වීම නිසා අද සුල්තානාගොඩ රාමගිරි විහාරස්ථානයට යාබද ඉඩමකට පාසල ගෙන ගොස් ඇත. මෙම ඉඩම එවකට රාමගිරි විහාරස්ථානයට අධිපතිව වැඩසිටි පරදූව ශ්‍රී සෝභිිත හිමියන්ට අයත් ව තිබූ පෞගලික ඉඩමකි. මෙම ඉඩමෙන් කොටසක් පාසල ඉදි කිරීම සදහා උන් වහන්සේ විසින් පරිත්‍යාග කර ඇත.
1945 වර්ෂයේදී මෙම පාසල රජයට පවරා ගෙන මාර/සුල්තානාගොඩ දෙටුමුසු පාසල නමින් නම් කරන ලදී. 1959 දී මෙම පාසල් ගොඩනැගිල්ල අබලන්ව කඩාවැටීම නිසා ඩබ්.ජී. ඩයස් නැමැති ධානපති මහතා විසින් පරිත්‍යාග කරන ලද මුත්තෙට්ටු වත්ත නැමැති ඉඩමෙහි ගොඩනැගිල්ලක් තනා පාසල නව ස්ථානයතට ගෙන යන ලදී. අද පවත්නා සුල්තානාගොඩ මහා විද්‍යාලය එම භූමියේ පිහිටා ඇත.
නව ලෝක සමූහ ව්‍යාපාරයේ අධිපති ධර්මදාස මහතාගේ ධන පරිත්‍යාගයෙන් 1960 වර්ෂයේ අඩි 100*20 ගොඩනැගිල්ලක් ඉදිකරන ලදී. එකල පාසල බොහෝ දියුණු මට්ටමක පැවතී ඇත. අවට පිහිටි අකුරුගොඩ, උනැල්ල, ගොඩගම, වරකපිටිය ආදී ගම්වල ළමුන්ද මෙම පාසලට පැමිණ ඇත. ගම් 05 ක පමණ විශාල පෝෂීත ප්‍රදේශයක් සහ විශාල ප්‍රජාවක් මෙම පාසල සතුව ඇත. 1960 වන විට 100*20 ගොඩනැගිලි 02 ක් සහ අඩි 60*20 ගොඩනැගිල්ලක් වශයෙන් ගොඩනැගිලි 03 ක් ඉදිවිය. 1963 වන විට ගුරු සංඛ්‍යාව 79 ක් හා ශිෂ්‍ය සංඛ්‍යාව 1000 ආසන්න වූයෙන් එම වර්ෂ වලදී මහා විද්‍යෘල තත්ත්වයට උසස් කර ඇත. ඒ වන විට ශිෂ්‍ය සංඛ්‍යාව විශාල ලෙස වැඩි වීම නිසා 1,2,3 ශ්‍රේණි සුල්තානාගොඩ රාමගිරි විහාරස්ථානය අසල කලින් පාසල පැවති භූමිය වෙත ගොස් ඇත. එහි පාලනයද මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් සිදුකරන ලදී.
1960-1970 දශකය පාසලේ උච්චතම වර්ධනය පැවති කාලය ලෙස හැදින්විය හැකිය. 1971 දී විද්‍යාගාරය ඉදිකර විවෘත කරන ලද අතර 1968 වන විට ප්‍රාථමික පන්ති 05 ක්ම අද කනිෂ්ඨ විද්‍යාලය පවත්වන භූමියේ පවත්වා ඇත. එකම විදුහල්පතිවරයා මෙම ස්ථානයද පාලනය කර ඇත. මෙම පාසල් දෙක අතර දුර 800m ක් පමණ වන බැවින් පාලනයේ පහසුව සලකා 1972 දි ප්‍රාථමික පාසල සහ මහා විද්‍යෘලය වශයෙන් පාසල් 02ක් බිහිකර විදුහල්පතිවරු දෙදෙනෙක් පත්කර පාලන කටයුතු සිදුකර ඇත. එතැන් සිට අද පවත්නා මහා විද්‍යාලය 06-13 ශ්‍රේණි පවත්වන පාසල බවට පත්ව ඇත.
|
ආරම්භ කළ වර්ෂය |
1934 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
17 |
|
මුල් ගුරුතුමාගේ නම |
ගොඩගම ඩයස් මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
මාර/සුල්තානාගොඩ මහා විද්‍යාලය |
|
පාසල රජයට පවරාගත් වර්ෂය |
1945 |
{QF3=5}